වෙසක් වලට මොකද වුනේ...!

 

         අවුරුදු උණුසුම ඉවර උනා විතරයි. ඊලගට ඉක්මනින්ම එන්නේ වෙසක්. දැන් වෙසක් සමරන්න අපේ රට සූදානම්. අවුරුද්දට අතේ තිබුණ සේරම ඉවර උනාට මොකද ඊලගට එන්නේ වෙසක් කියල හිත හදාගන්න පුළුවන් නේද? ඒත් ඉතින් මාසයක්නම් බෑ.

          බෞද්දාගමිකයන් ඉතා ශ්‍රද්දා භක්ති පෙරදැරිව අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරමින් වෙසක් පොහෝ දින වෙසක් උත්සවය සමරයි.
තෝරන, පහන් කූඩු, දන්සල් වලට මෙහිදී ප්‍රදාන ස්ථානයක් හිමි වේ. සම්ප්‍රදායිකව ඈත අතීතයේ පටන් පැවත එන මෙම රීතිය අද වන විට කෙසේනම් නව්‍යකරනයට භාජනය වී ඇත්ද?

          අද කුඩා දරුවන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් වෙසක් කූඩුවක්‌ සාදාගැනිමට දන්නෙහිද?  තමාගෙන්ම ප්‍රශ්න කර ගන්න. කුඩා කාලයේ අප සතියකට දෙකකට පෙර මිතුරන් සමග එක්ව උණ බට කපා විවිදාකාර වෙසක් කූඩු සාදයි. එලෙස තමාම නිර්මාණය කරගත් කුඩුවල පහන තැටි ඉටිපන්දම් දල්වමින් ප්‍රදර්ශනයේ තබා මිතුරන් සමග එක්ව ඒවායේ අලංකාරය රස විදින අතීතයක් එකල අප සතු විය. නමුත් දැන් අප අතරින් කී දෙනෙක්නම් වෙසක් කුඩුවක් සදගනිමට දන්නෙහිද? ඇත්තෙන්ම අපිටද එම අතීතය දැන් අමතකව ගොස් හමාරය.
        

             කොළඹ කොටුව කවුරුත් දන්නා ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකි. අවුරුදු කාලයට අවුරුදු භාණ්ඩ මෙන්ම මේ වෙසක් කාලයේ Assembl අටපට්ටම්, බල්බ් වැල්, 3G බකට් ආදී නානාප්‍රකාර සැරසිලි වලින් කොළඹ කෝටුව මේ දිනවල පිරී යයි. මෙහිදී දැකිය හැකි සිනහ දනවන කරුණ නම් ගමෙන් නගරයට සංක්‍රමණය වී රැකියා කරණා අය නිවඩුවට ගමට යන්නේ මේ ඉහත කී Assembl අටපට්ටම් තම දරුවන්ට දිමට ගෙන යමිනි.

            මෙවන් කරුණු යටතේ අප කුඩා කල උණ බට කපා කල නිර්මාණ අද දකින්නට නැත. පොල්තෙල් පහන රැසක එකතු කර එහි චමත්කාරය විදි අතීතයක් පමණක් අපිට උරුම කරමින් අද වෙයිවර්ණ බල්බ් වැල් ඒ මේ අත එල්ලා ඇත.
මෙවන් සංස්කෘතියක් තුළ දන්සල් සංස්කෘතියද කනපිට පෙරලී ඇත, කොළඹ වැනි නාගරික ප්‍රදේශ වලදී දක්නට ලබෙන බුරියානි දන්සල් දිමට පිරිස් පෙළබිම බෞද්දයන් වශයෙන් අපට ගැටලුවකි. බුෆෙ ගෙන්වා කරණ මේ දන්සල්කරණයට අපේ මිනිසුන්ද ඇදී යන්නේ කාන්දමකට ඇදී යන්නාක් මෙනි.  දන්දීම කළ යිතුය. නමුත් ඒ දානමය ප්‍රර්තනාවෙනි. තම බලය පෙන්විමට තරගයක ලෙස එය නොකළ යුතුය.

            මෙවැනි කටයුතු අතරතුර අගය කලයුතු තැන් කීපයක්ද ඇත. බෞද්ද ආගම වැළදගත් සිංහලය පමණක් නොව ක්‍රිස්තියානි, මුස්ලිම්, දෙමළ අයද මෙම වෙසගේ සමාජ සහජීවනයෙන් යුතුව ජාති ආගම බේද අමතක කර දන්සල්, තොරන්, කුඩු සදහා  සහභාගී වීම් අපට දැකගත හැක.

             කාලයත් සමග සියල්ල නවීකරණය වුවත් අපගේ සම්ප්‍රදායික දේ රැකගත යුත්තේ අපමය. අද අපේ මිනිසුන් බොහෝ විට උත්සහ කරන්නේ තම ලාබෙක්ෂාව වෙනුවෙනි. ඔවුන්ට‍ ලෑබෙන ඕනෑම දෙයකින් තම අපේක්ෂාවන් ඉටුකරගනිමට පෙළබෙයි.

            බෞද්ද අප ඉතා පෙරදැරිව සමරනු ලබන මෙම උත්සවයට ගෞරවය දක්වමින්, මෙවන් ලිපියකට නැවත ස්ථානයක් ඇති නොකරන මෙන් ඉල්ලමින් මෙම ලිපියට අවසාන තිත තබමි.
සුබ වෙසගක් වේවා....  


ලිපි හොදනම් comment කරන්න
ඕන ලිපි අපිට කියන්න
අපිට ලිපි ලියන්න
අපිත් එක්ක ‍FB එකෙන් එකතු වෙන්න

Image result for facebook like

Share on Google Plus

About NKCreation99

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment